කොලොම්බියාවේ සිදුවූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 111 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් වාර්තා අනාවරණ කළේ මේ වනවිට රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි.
බලපෑමට ලක්වූ ප්‍රදේශවල කඩා වැටුණු ගොඩනැගිලි අතර තවත් පිරිසක් සිරවී සිටින බැවින් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.
රික්ටර් මාපකයේ ඒකක 7.4 ක ප්‍රබලත්වයකින් යුත් මෙම භූමිකම්පනය කොලොම්බියාවේ චොකෝ පළාතේ කිලෝමීටර් 103 ක් ගැඹුරින් සිදුව ඇති අතර, රටේ බටහිර ප්‍රදේශයේ විශාල භූමි භාගයකට මෙහි බලපෑම එල්ලවී තිබෙනවා.
වඩාත්ම දැඩි හානියක් සිදුව ඇත්තේ පෙරෙයිරා නගරයට වන අතර, එහි පමණක් ගොඩනැගිලි 65 ක් කඩා වැටී පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්.
ඊට අමතරව කාලි නගරයේ ද ගොඩනැගිලි 32 ක් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති අතර, ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය ද පනවා තිබෙනවා.
කෙසේවෙතත් භූමිකම්පනයේ කේන්ද්‍රස්ථානය වූ සන් හොසේ ඩෙල් පල්මාර් ගම්මානයේ මාර්ග පද්ධතියට හානි සිදුවුවද, එහි කිසිදු ජීවිත හානියක් සිදුව නැති බවයි ප්‍රදේශයේ බලධාරීන් ප්‍රකාශ කළේ.



