තායිලන්තයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහා නයිජීරියාවට පැමිණි අමෙරිකානු පැසිපන්දු ක්‍රීඩකයෙකු ගංජා තොගයක් සමඟ ලාගෝස් ප්‍රධාන ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ පදිංචි 28 හැවිරිදි ඩාමොන්ටේ කිරී ග්‍රීන් නමැති ක්‍රීඩකයායි.
ඔහු සතුව තිබී සොයාගෙන ඇති ගංජා තොගයේ බර කිලෝග්‍රෑම් 33.95 ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සැකකරු ගුවන්තොටුපොළේදී සිය ගමන් මලු දෙකක් අතහැර දමා, අතැති බෑගය පමණක් රැගෙන පිටව යාමට උත්සාහ කර ඇති අතර එහිදී ගුවන්තොටුපොළ නිලධාරීන්ගේ සැකයට භාජනය වීමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගෙන ගෙන තිබෙනවා.
එලෙස අතහැර දමා තිබූ, සැකකරුගේ නම සඳහන් ගමන් මලු දෙක පරීක්ෂා කිරීමේදී, අධි ප්‍රබල ගංජා විශේෂයක් වන "ලවුඩ්" (Loud) නමැති මත්ද්‍රව්‍ය පැකට් 32 ක් සහ ලුහුබැඳීමේ උපකරණයක් ද නයිජීරියානු ජාතික මත්ද්‍රව්‍ය නීතිය බලාත්මක කිරීමේ ඒජන්සිය විසින් සොයාගෙන තිබෙනවා.
සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ඔහු මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සෘජුවම සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.
කෙසේ වෙතත්, තමන් තායිලන්තයේ වෘත්තීය පැසිපන්දු ක්‍රීඩාවේ නිරත වන බවත්, සිය ක්‍රීඩා දිවියට අදාළ සබඳතා ගොඩනඟා ගැනීමේ අරමුණින් නයිජීරියාවට පැමිණි බවත් ඔහු ප්‍රකාශ කර ඇතැයි සඳහන්.
මේ අතර, මීට පෙර මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස පමණක් සැලකුණු නයිජීරියාව, මේ වන විට නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන, පරිභෝජනය කරන සහ බෙදාහරින රටක් බවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ද නයිජීරියානු බලධාරීන් විසින් මහා පරිමාණ මෙතම්ෆෙටමින් (Methamphetamine) රසායනාගාරයක් වටලා, ලාගෝස් හරහා රටින් පලා යාමට තැත් කළ මෙක්සිකානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා.


