Published
ඛනිජ තෙල් වෘත්තිය සමිති ක්‍රියාකරුවකු වන ආනන්ද පාලිත මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින්.
2015 සිට 2019 වර්ෂය දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ අතිකාල දීමනා වංචා කිරිමට අදාළව සිදුකරන විමර්ශනයකට අදාළව ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආනන්ද පාලිත මහතාගෙන් පැය හතකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
ඒ අනුව ඔහු හෙට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


