Published
මෙක්සිකෝවේ දකුණු ප්‍රාන්තය වන චියාපාස් වෙරළ ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.
එහි බලපෑම ග්වාතමාලාව සහ එල් සැල්වදෝරය දක්වා දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
භූකම්පනයෙන් අනතුරුව එහි කේන්ද්‍රස්ථානයේ සිට කිලෝමීටර් 300ක පමණ දුරකට සුනාමි රළ ඇතිවිය හැකි බවට අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබෙනවා.
මෙක්සිකෝවේ නාවික ලේකම් අද්මිරාල් රේමුන්ඩෝ මොරාලෙස් මාධ්‍ය හමුවකදී පැවසුවේ එම භූ කම්පනයෙන් බරපතල බලපෑමක් නොමැති නමුත් වෙරළ තීරයෙන් ඈත්ව සිටින ලෙසට ජනතාවට උපදෙස් දී ඇති බවයි.


