මධ්‍යම නේපාල ප්‍රදේශයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් පස් දෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව එරට බලධාරීන් පවසනවා.

හදිසි ගංවතුර තත්ත්වයත් සමග නිවාස සහ පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නේපාලයේ විශාලතම සහ දීර්ඝතම උත්සවය වන ‘දශයින්‘ උත්සවයේ පළමු දිනය සැමරීමට ළමයින් සහ ප්‍රදේශවාසීන් සූදානම් වෙමින් සිටියදී ගෝර්කා දිස්ත්‍රික්කයට ඊයේ දිනයේ මෙලෙස හදිසි ගංවතුර තත්ත්වය බලපා ඇත්තේ.

අනතුරට පත් වූවන්ගෙන් 50 දෙනෙකු පමණ බේරා ගත් බව එරට බලධාරීන් වැඩිදුරටත් සදහන් කළා.