ඉන්ධන මිල ඉහළ යාම, ජීවන වියදම සහ මහජන සේවාවන් කඩා වැටීමට එරෙහිව ප්රංශයේ හටගත් දැවැන්ත විරෝධතා ව්යාපාරය හමුවේ රට පුරා දැඩි ප්රචණ්ඩකාරී සිදුවීම් වාර්තා වනවා.
ප්රංශ අභ්යන්තර කටයුතු අමාත්යාංශය සඳහන් කළේ ලක්ෂ 5 හමාරකට ආසන්න පිරිසක් වීදි බැස ආරම්භ කළ මෙම විරෝධතා පසුව පාලනය කරගත නොහැකි ලෙස ප්රචණ්ඩකාරී තත්ත්වයකට පත් වූ බවයි.
එහිදී ප්රචණ්ඩ ලෙස හැසිරුණු පුද්ගලයින් 2,400 කට ආසන්න සංඛ්යාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇතැම් පිරිස් මෝටර් රථ සහ රාජ්ය ගොඩනැගිලිවලට ගිනි තබා ඇති අතර, පැරීසිය, ලියෝන් සහ මාර්සේයි යන නගරවල පොලිසිය සහ විරෝධතාකරුවන් අතර දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කළේ.
එහිදී පිරිස විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ප්රහාරක බෝම්බ ද ප්රහාර එල්ල කර තිබෙනවා.
මෙම තත්ත්වය හමුවේ එලිසේ මාළිගයේ සිට ජාතිය අමතමින් විශේෂ ප්රකාශයක් කළ ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සඳහන් කළේ, සාමකාමී විරෝධතාකරුවන්ගේ සාධාරණ ඉල්ලීම් සහ ප්රචණ්ඩ ලෙස හැසිරෙමින් දේපළ හානි සිදුකරන පිරිස අතර පැහැදිලි වෙනසක් හඳුනාගත යුතු බවයි.
සිදුවූ නීති විරෝධී ක්රියාවලට කිසිදු සාධාරණීකරණයක් නොමැති අතර, ඊට සම්බන්ධ වූ සියලු දෙනාට එරෙහිව දැඩි ලෙස නීතිය ක්රියාත්මක කරන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළ බව විදෙස් මාධ්යවල දැක්වෙනවා.



