පාකිස්ථානයේ බන්නු නගරයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පොලිස් මුරපොළක්  ඉලක්ක කර ගනිමින් එම බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇති බවයි.

මෝටර් රථයක බෝම්බ අටවා එය මුරපොලට ධාවනය කර පුපුරුවා හැරිම සිදුකර ඇති බව සඳහන්.

සටන්කාමීන් මෝටර් රථය පුපුරුවා හැරීමෙන් පසු පොලිස් ස්ථානයට ඇතුළුවී නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් ද එල්ල කර තිබෙනවා.