වෙඩි හුවමාරුවක් හේතුවෙන් පිලිපීනයේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය වසා දමා තිබෙනවා.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු පොලිස් ප්‍රධානියෙකු මෙන්ම වත්මන් සෙනෙට් මන්ත්‍රීවරයෙක් වන රොනල්ඩ් ඩෙලා රෝසා අත්අඩංගුවට ගැනීමට යාමේදී පිලිපීනයේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය තුල එම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
එම ගොඩනැගිල්ල වෙත හමුදා නිලධාරීන් ඇතුළුවීමත් සමඟ එය වසා දමා ඇති අතර එහිදී වෙඩි හඬවල් කිහිපයක්ම ඇසුණු බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.
කෙසේ වෙතත් වෙඩි තැබීම සිදුකලේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් බළධාරීන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ.
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට මැදිහත් වන ලෙස ඔහු මීට පෙර මහජනතාවගෙන් කළ ඉල්ලීමත් සමග මෙම තත්ත්වය තවත් දරුණු අතට හැරී ඇති ඉවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ දුතර්තේ පාලන කාලයේදී ක්‍රියාත්මක වූ දරුණු ”මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමේ්” ප්‍රධාන බලධාරියා වූයේ රොනල්ඩ් ඩෙලා රෝසායි.
2016 වසරේ සිට 2018 කාලය තුල එරට පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කල ඔහුට, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සැකකරුවන් දහස් ගණනක් නීති විරෝධී ලෙස ඝාතනය කළ බවට චෝදනා එල්ලවී තිබෙනවා.
හිටපු ජනාධිපති දුතර්තේව පසුගිය වසරේ මාර්තු මාසයේදී අත්අඩංගුවට ගෙන හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය වෙත රැගෙන යනු ලැබුවා.
ඉන් පසුව ඩෙලා රෝසාට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ප්‍රසිද්ධියට පත් කෙරුණේ පසුගිය සඳුදායි.
මාස කිහිපයකට පසු ඔහු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට පැමිණ තිබුණේ එදිනයි.
මේ වන විට ඔහු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය තුල රැඳී සිටිමින් අත්අඩංගුවට ගැනීම මගහරිමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.




