නවදිල්ලි නුවර දී පැවැත්වෙන බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට එක්වීම සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ උපායමාර්ගික සාකච්ඡා පැවැත්වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෙම සතිය අගදී ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කරයි.
රුසියානු ජනාධිපතිවරයාගේ මෙම අපේක්ෂිත සංචාරය පිළිබඳව ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙසකොව් සඳහන් කර ඇත්තේ, මෙම සංචාරයේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා මෙන්ම කලාපීය සහ ගෝලීය වශයෙන් වැදගත් වන සමකාලීන අර්බුද පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරෙනු ඇති බවයි.
විශේෂයෙන්ම, යුක්‍රේන ගැටුමේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපති පුටින්, අගමැති මෝදි වෙත සවිස්තරාත්මකව පැහැදිලි කිරීමට නියමිතය.
මොස්කව් නුවර සිට 'ස්පුට්නික් ඉන්දියා' ආයතනය සංවිධානය කළ මාර්ගගත මාධ්‍ය හමුවකට එක්වෙමින් පෙසකොව්, මොස්කව් සහ නවදිල්ලිය අතර පවතින සුවිශේෂී සබඳතාව ඉස්මතු කළේය.
ජනාධිපති පුටින් සහ අගමැති මෝදි අතර ඇත්තේ ඉතා සමීප මෙන්ම ප්‍රායෝගික මට්ටමේ සබඳතාවක් බව පෙන්වා දුන් ඔහු, දෙරටේ නායකයන් ගෝලීය අභියෝග සහ ද්විපාර්ශ්වික ගැටලු සම්බන්ධයෙන් සැමවිටම විවෘතව හා අවංකව අදහස් හුවමාරු කර ගන්නා බවද අවධාරණය කළේය.


