Published
යේමනයේ බබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේ රතු මුහුදු තීරයේ පාලනය අත්පත් කරගැනීම සඳහා යේමන රජයේ හමුදා සහ හූති සටන්කාමීන් අතර සටන් තීව්ර වී තිබෙනවා.
යේමන රජයේ හමුදා වාහන යොදාගනිමින් වෙරළ තීරයේ සිටින හූති සටන්කාමීන්ට ප්‍රහාර එල්ල කරන ආකාරය සහ හූති සටන්කාමීන් වෙරළ ආසන්න මුහුදේ ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද විදේශ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා.
යේමන රජය ප්‍රකාශ කරන්නේ, බබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය ආශ්රිත ප්‍රදේශවලින් හූති සටන්කාමීන් පලවා හැරීමටත්, උපායමාර්ගිකව වැදගත් මෝකා වරාය නගරයේ පාලනය තමන් සතු කරගැනීමටත් හැකිවූ බවයි.
කෙසේ වෙතත්, හූති සංවිධානය එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.




