යේමනයේ රතු මුහුදේ වෙරළ තීරයේ පිහිටි හොඩෙයිඩා ගුවන් තොටුපළ වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල වී ඇති බව හවුති සංවිධානයට අනුබද්ධ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එමෙන්ම යේමනයේ තායිස් පළාතේ අල්-ෂමයටේන් දිස්ත්‍රික්කයේ පිහිටි හිජාත් අල්-අබ්ද් ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල වී ඇති බවද එම මාධ්‍ය පවසනවා.

යේමනයේ විශාලතම නගරවලින් එකක් වන තායිස් නගරය, ජාත්‍යන්තරව පිළිගත් රජයේ අන්තර්වාර අගනුවර වන ඒඩන් නගරයට උතුරින් පිහිටි, ඉරාන හිතවාදී හවුති කැරලිකරුවන්ට එරෙහි සන්නද්ධ විරෝධතාකරුවන්ගේ අවසන් ප්‍රධාන බලකොටුව ලෙසයි සැලකෙන්නේ.