බ්‍රිතාන්‍යයේ වේල්ස් කුමරු වන විලියම් කුමරු සහ වේල්ස් කුමරිය වන කැතරින් කුමරිය තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබෙනවා.
මෙම සංචාරය අතරතුරදී ඔවුන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට ද නියමිතයි.
විලියම් කුමරු සහ කැතරින් කුමරිය වසර හතරකට පසු එක්ව සිදු කරන පළමු නිල විදේශ සංචාරය මෙය වීම විශේෂත්වයක්.
පිළිකා ප්‍රතිකාර හේතුවෙන් කැතරින් කුමරියගේ ජාත්‍යන්තර සංචාර සීමා වී තිබුණද, ඇය මෙම සතියේ පැවැත්වෙන උත්සව කිහිපයකට සිය සැමියා සමඟ එක්වීමට නියමිතව තිබෙනවා.
මෙම සංචාරයේ වැඩසටහන් බොහොමයක් විලියම් කුමරු විසින් ආරම්භ කරන ලද 'Earthshot Prize' සම්මාන උළෙලට සම්බන්ධ වන අතර, දැවැන්තම දේශගුණික අභියෝගයන්ට හොඳම විසඳුම් ඉදිරිපත් කරන පාර්ශ්වයන් වෙනුවෙන් පවුම් මිලියනය බැගින් වූ ත්‍යාග පහක් මෙහිදී පිරිනැමෙනවා.
'Earthshot' හරහා විලියම් කුමරු අත්කරගෙන ඇති ජයග්‍රහණ පිළිබඳව කුමරිය ඉමහත් ආඩම්බරයෙන් පසුවන බවත්, ඔහුගේ වසරේ වැදගත්ම අවස්ථාවක ඔහු සමඟ එක්වීමට ඇය ඉතා උනන්දුවෙන් බලා සිටින බවත් රාජකීය පවුලේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.


