සතියක් ඇතුළත හෝමුස් සමුද්‍රසන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීම සඳහා ඉරානය ඉදිරිපත් කළ නව යෝජනාව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සෘජුවම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ධවල මන්දිරයේදී මාධ්‍ය ඇමතූ ජනාධිපති ට්‍රම්ප් සඳහන් කළේ, ඉරානය දැනටමත් පවතින තත්ත්වය හමුවේ දැඩි ලෙස පරාජයට පත්වෙමින් සිටින බැවින් මෙවැනි එකඟතාවකට පැමිණීමට උත්සාහ කරන නමුත්, ඔවුන්ගේ කොන්දේසි ඇමෙරිකාවට කිසිසේත්ම පිළිගත නොහැකි බවයි.
එසේම, හෝමුස් සමුද්‍රසන්ධියේ පූර්ණ බලය සහ පාලනය මේ වන විටත් ඇමෙරිකාව සතුව පවතින බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
පසුගිය ජූනි මාසයේ අත්සන් කළ අවබෝධතා ගිවිසුම පදනම් කරගනිමින්, සුදුසු කොන්දේසි ඉටු වන්නේ නම් දින 7ක් ඇතුළත මෙම මුහුදු තීරය විවෘත කිරීමට සූදානම් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ප්‍රකාශ කර තිබුණා.
ලෝකයේ සමස්ත තෙල් සහ ගෑස් සැපයුමෙන් පහෙන් පංගුවක් ප්‍රවාහනය කෙරෙන මෙම උපායමාර්ගික සමුද්‍රසන්ධිය වසා දැමීම හේතුවෙන් ගෝලීය බලශක්ති මිල ගණන් දැඩි ලෙස ඉහළ ගොස් ඇති අතර, ඉරානය ඇමෙරිකානු ඉල්ලීම්වලට එකඟ නොවන්නේ නම් නැවතත් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට ඇමෙරිකාව සූදානම් වන බවයි ව්දෙස් මාධ්‍ය වාර්තා කළේ.




