නෙත් එෆ් එම් රේඩියෝව හා ලංකා බැංකුව එක්ව සංවිධානය කරන NETH - BOC, යූ ආර් අ ලීඩර් වැඩසටහන අද පැවැත්වෙනවා.
ඒ, ඇඹිලිපිටිය ජනාධිපති මධ්‍ය මහා විද්යාලයේදීයී.
මෙම වැඩසටහන සම්බන්ධයෙන් ලංකා බැංකුවේ සබරගමු පළාතේ සහකාර සමාන්‍යාධීකාරී චමින්ද රණසිංහ මහතා.
"අද දිනයේ ලංකා බැංකුව සහ නෙත් එෆ්එම් එකතුව ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ලීඩර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. විශේෂයෙන්ම නායකත්ව පුහුණු වැඩසටහනක්. ඔවුන්ගේ තියෙන නායකත්ව කුසලතාවයන් කුමක්ද? කණ්ඩායමක් එක්ක වැඩ කරද්දී ඔවුන්ට කණ්ඩායමේ නායකත්වය අරන් කණ්ඩායමට කොහොමද ලීඩර්ෂිප් එක දෙන්නේ? තමන්ගේ පෞරුෂත්වය කොහොමද ගොඩනඟා ගන්නේ? පෞරුෂත්වය ගොඩනඟා ගන්න අවශ්‍ය දේවල් මොනවාද? ඒ වගේ දේවල් මෙතනදී අපි සාකච්ඡා කරනවා. ඇත්තටම ඇඹිලිපිටියේ අපි කරන මේ වසරේ දෙවැනි වැඩසටහන. ඉතින් අපි ඇඹිලිපිටිය කියන්නේ අපිට සුවිශේෂී ස්ථානයක්. අද දවසේ ඉඳන් මේ දවස් තුනක් පුරා අපි ක්‍රියාත්මක වෙනවා මේක. විවිධ විදිහට අපි මේ වැඩසටහන් සංවිධානය කරලා තියෙනවා. මේ වැඩමුළුවට හොඳින් එන්න, අවබෝධයෙන් එන්න. මේකේ ඇත්තටම සම්පූර්ණ දේ උගහගන්න. අනිවාර්යයෙන්ම මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකොට, මේ වැඩසටහන ඉවර වෙනකොට ඔබට ඔබේ ජීවිතයේ වෙනසක් දැනේවි. අපි ලංකා බැංකුව ඕනෑම වෙලාවක අත්වැල් බැඳගෙන ඉන්නවා අපේ දරුවන් වෙනුවෙන්."
නෙත් එෆ් එම් රේඩියෝව හා ලංකා බැංකුව එක්ව සංවිධානය කරන NETH - BOC, යූ ආර් අ ලීඩර් වැඩසටහන පැවැත්වෙන ඇඹිලිපිටිය ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ආර් සී උදය කුමාර මහතා ද අදහස් පළ කළා.
"අද දිනයේ නෙත් එෆ්එම් මාධ්‍ය ආයතනය සහ ලංකා බැංකුව එකතුව සංවිධානය කරන ලද යුවා ලීඩර් වැඩසටහන ඇඹිලිපිටිය ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලයේ ඉතාමත් ම සාර්ථකව සහ උත්කර්ෂයෙන් ආරම්භ කෙරුණා. ඒ වගේම මේ අවස්ථාව අපේ පාසල ලැබීම අපි මහත් ගෞරවයෙන් සහ ආඩම්බරයට පත්වෙන කාරණාවක්. අපව තෝරාගැනීම සම්බන්ධයෙන් නෙත් එෆ්එම් ආයතනයටත්, ඒ වගේම මෙසඳ අනුග්‍රහය දක්වන ලංකා බැංකුවටත් අපේ ගෞරවය සහ ස්තූතිය පුද කරනවා. විශේෂයෙන් විදුහල්පතිතුමා ගොඩක් සතුටු වෙනවා මේ වගේ අවස්ථාවක් මගේ දරුවන්ට ලබා දීලා, ඔවුන් අනාගත නායකයින් විදිහට තනන්නට ඔබ මාධ්‍ය ආයතනය සහ ලංකා බැංකුව මෙදක්වන උත්සාහයට. ඒ නිසා පාසලේ සහ සමස්ත පාසල් ප්‍රජාවගේ දරුවන්ගේ ගෞරවය ප්‍රණාමය පුද කරන්න මේ අවස්ථාව කරගන්න කැමතියි."
නෙත් එෆ් එම් රේඩියෝව හා ලංකා බැංකුව එක්ව සංවිධානය කරන නෙත් - බී ඕ සී, යූ ආර් අ ලීඩර් වැඩසටහන ලබන 8වනදා දක්වා පැවැත්වෙනවා.




