අකුරේගොඩ සුපිරි වෙළඳසැලක රථගාලේදී වෙඩි තබා නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කෙරුණු සිද්ධියේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.

පොලිසිය මෙලෙස මහජන සහය පතන්නේ මෙම අපරාධය සඳහා වෙඩික්කරුවන් ගමන් ගත් මෝටර් රථයේ රියදුරු ලෙස හඳුනාගත් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහායි.

හඳුනාගත් සැකකරුගේ ඡායාරූපය පහත දැක්වෙනවා.

ඔහු කළුආරච්චි ලියනගේ නිලුක්ෂ වීරසිංහ නමැත්තෙක්.

ඔහු ඉමදූව, පරගොඩ, වීරසිංහ මල්ශාලාව යන ස්ථානයේ පදිංචිකරුවකු බවද 199714103549 ජාතික ඇඳුම්පත් අංක දරණ බවද පොලිසිය පවසනවා.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් වෙත් නම්, පහත දුරකථන අංක වලට දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අධ්‍යක්ෂ - බස්නාහිර පළාත (දකුණ) දිසා අපරාධ කොට්ඨාශය 071 8592279

ස්ථානාධිපති - බස්නාහිර පළාත (දකුණ) දිසා අපරාධ කොට්ඨාශය 071 8596065