කුරුණෑගල මහනගර සභාවේ උප නගරාධිපතිවරයා රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුරුණෑගල බස් නැවතුම්පොළ සහ පොදු වැසිකිළි පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවයි පැවසෙන්නේ.

ටෙන්ඩරය ලබාදීම සදහා රුපියල් ලක්ෂ 30ට අමතරව මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් ද ඉල්ලා ඇතැයි සදහන්.

අදාළ ලක්ෂ 30ක මුදල ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී සැකකරු කොටු කරගෙන තිබෙනවා.

කුරුණෑගල මහ නගර සභාවට මොහු තේරී පත්වන්නේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින්.

නමුත් බලය පිහිටුවීමේදී ජාතික ජන බලවේගයට සහාය දැක්වීමෙන් අනතුරුව ඔහු උප නගරාධිපති ධුරයට පත්ව තිබෙනවා.

සැකකාර උප නගරාධිපතිවරයා අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.