Published
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් හැටන්, කුඩාගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටිමෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.
හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටිමෙන් හැටන් ප්‍රදේශය පුරා විදුලිය විසන්ධි වී ඇති බව නෙත් නිවුස් නියෝජිතයා පැවසුවා.
මේ අතර හැටන,් ගාමිණිපුර ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ නවතා තිබු යතුරුපැදියක් සමග නිවසේ විසිත්ත කාමරයට දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.
පවතින වර්ෂාවත් සමග අඹගමුව ප්‍රදේශයේ මහවැලි ගගට ජලය ගලා බසිනා අඹගමුඔය පිටාර ගැලීමෙන් ගිනිගත්හේන - නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවද නෙත් නිවුස් නියෝජිතයා වැඩිදුරටත් පැවසුවා.




