Published
බොරතෙල් බැරලයක මිල පහත ගියද එය පාදක කර ගනිමින් ඉන්ධන මිල අඩුකිරීමේ හැකියාවක් මේ මොහොතේ නොමැති නව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමණාකාර අධ්‍යක්‍ෂ මයුර නෙත්තිකුමාර මහතා පැවසුවේ පවතින තත්වය යටතේ ඉතා විශාල ප්‍රමාණයකින් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
එළඹෙන වෙසක් සතිය වෙනුවෙන් ලබන ඉරිදා දිනද ඉන්ධන පිරවුම්හල් සඳහා හිඟයකින් තොරව ඉන්ධන බෙදා හරින බවයි ඔහු පැවසුවේ.
මෙටි්‍රක් ටොන් 89, 000කින් යුත් බොරතෙල් නෞකාවක් මේ වනවිට දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව ජූනි මස අග දක්වාම අවශ්‍ය ඉන්ධන තොග ශ්‍රී ලංකාව තුළ පවතින බවත්, අගෝස්තු මස දක්වා ඉන්ධන සහිතව පැමිණෙන නෞකා පෙළගස්වා ඇති බවත් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්‍ෂ මයුර නෙත්තිකුමාර මහතා වැඩිදුරටත් පැවසුවේ.




