Published
අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාවේ අණදෙන නිලධාරී ජෙනරාල් කෙවින් ෂ්නයිඩර් මහතා තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.
ලබන 24 වනදා දක්වා ඔහු මෙරට රැදී සිටින අතර මෙම සංචාරය අතරතුර, රජයේ සහ ආරක්ෂක අංශයේ ඉහළ පෙලේ නිළධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි.
ගුවන් සහ සමුද්‍රීය ක්ෂේත්‍ර දැනුවත්භාවය, සයිබර් ආරක්ෂාව, ආපදා ප්‍රතිචාර සහ කලාපීය ආරක්ෂාව හරහා පුළුල් සහයෝගීතාව කෙරෙහි එහිදී අවධානය යොමු වනු ඇති බවයි කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ.




