අයවැය කාරක සභා අවස්ථා විවාදයේ හතර වන දිනය අදයි. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂයන් අද විවාදයට ගැනෙනවා.

විවාද ආරම්භ කරමින් අදහස් දැක්වූයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතායි.
''මේ ඔබතුමා එකපාර කිව්වා මේ උසාවි තියෙන්නේ නීතිඥවරුන්ට සල්ලි හම්බ කරන්න, එහෙම නැත්නම් විනිසුරුවරුන්ට පඩි ගන්න නෙමෙයි ජනතාවට යුක්තිය ඉෂ්ට වෙන්න. ඒක ඉතාමත්ම හරි. මොකද අධිකරණ තියෙන්නේ ජනතාවට යුක්තිය ඉෂ්ට කරන්න, ඊළඟට ඒ මේ මේ නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කරන්න, යුක්තිය ඉෂ්ට කරලා දීලා මේ මිනිස්සුන්ට සහනයක් ලබා දෙන්න තමයි. ඉතින් ඕක කියන්න තිබ්බනේ අර කෑල්ල නොකියා. මේ නීතිඥවරුන් එක්ක තියෙන මේ ප්‍රශ්නයක් මට මට තේරෙන්නේ නැහැ ඔබතුමා ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක් වෙලත් මේ 22 ඉඳලා ලොකු ප්‍රශ්නයක් මේ අහන්නුවට. ඉතින් එහෙම බැලුවොත් දැන් උසා දැන් ඉස්පිරිතාල තියෙන්නේ මිනිස්සුන්ගේ ලෙඩ රෝග හොඳ කරන්න තමයි. ඒකෙන් අදහස් වෙනවද දොස්තරලාට පඩි ගෙවන්න එපා කියලා? ඒක නිසා කරුණාකරලා වෛරය පැත්තක තියලා කතා කරන්න. ඇත්ත අධිකරණය තියෙන්නේ ජනතාවට යුක්තිය ඉෂ්ට කරන්න තමයි. ඉස්පිරිතාල තියෙන්නේ ජනතාවගේ ලෙඩ හොඳ කරන්න තමයි. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ මේ පඩි ගෙවන්න එපා හෝ පඩියක් ගන්න එපා හෝ මේ සාධාරණ ගාස්තුවක් ගන්න එපයි කියන එක. මේ නීතිඥවරු සම්බන්ධයෙන් තියෙන ඒ වෛරය මම හිතන්නේ ඔබතුමාලා නවත්ත ගත යුතුයි කියන එක කියන්න ඕනේ. ඒක නිසා මේ නීතිඥ ප්‍රජාව කියන්නේ විවේචනයට ලක් නොවිය යුතු තැනක් නෙමෙයි. ඇමතිතුමා මේ තියෙනවනේ අධික අධික ගාස්තු ගැනීම් තියෙනවා. මේ ටවුටින් එකේ ඉඳලා මේ විශාල විනය ප්‍රශ්න ගොඩක් තියෙනවනේ. ඉතින් ඒවාට පුළුවන් විනය ක්‍රියාමාර්ග ගන්න නීති රීති තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ සම්බන්ධයෙන් රූලින්ස් තියෙනවා. එහෙම කරන්නේ නැතුව ගාස්තු ගන්න නෙමෙයි ඉන්නේ මේ මේ මේ මේ වැඩේ කරන්න. එහෙම කියන්න එපා මොකද මේ මේ ලොකු ලොකු ලොකු ප්‍රජාවක් ඔබතුමාලා දැනටත් ඒකෙන් භාගයක් විතර තරහ කරගෙන ඉන්නේ ඉතුරු භාගයත් දෙයියන්ගේ පිහිටෙන් ඔහොම ගිහිල්ලා තරහ කර ගනී කියන එක තමයි මට කියන්නට තියෙන්නේ.''

ඉන් අනතුරුව විවාදයට එක් වූ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඊට මෙලෙස පිළිතුරු ලබාදුන්නා.
''ඇත්තටම ඒ ගරු චිත්‍රාල් මන්ත්‍රීතුමා කතාව කරපු ගැන මම ස්තූතිවන්ත වෙනවා. මොකද මම ඒක ගොඩක් සාවධානව අහන් හිටියා. ඇත්තෙන්ම ඒ කතාවේ මුල ටික ඇහෙනකොට මම කල්පනා කරා අවංකවම ඉතා හොඳට අධීක්ෂණය කරලා, හොඳ දත්ත වලින් හොඳ අභියෝගාත්මක කතාවක් කළා කියලා. ඒකට මම ඔහුට ඒ කතාවේ පළවෙනි කොටසට මම ස්තූතිවන්ත වෙනවා. මොකද එතන ගොඩක් වැලිඩ් පොයින්ට්ස් ගොඩක් තිබුණා. මොකද අපේ සමහර ඒවායේ භෞතික ප්‍රගතිය අපට අවශ්‍ය ප්‍රමාණයෙන් නැති නිසා. විශේෂයෙන්ම ඒක හොඳයි. නමුත් එහෙම හොඳ කියන්න හදනවා ඊට පස්සේ ඔහු අර ඔහුගේ සුපුරුදු දේශපාලන පොඩි අන්තිම හරියේ පොඩි ඕපාදූප ටිකක් ආවා. කමක් නෑ අපි ඒ ඔක්කොම කරන්න වැඩනේ. ඒක ප්‍රශ්නයක් නැහැ. මම ඕපාදූප ටිකට ඉස්සෙල්ලා උත්තර දීලා පටන් ගන්නම් ඊට පස්සේ අපි භෞතික ප්‍රගතියට යමු. මම දැනන් හිටියේ නැහැ අර මම කියපු එකට ගොඩක් හිත රිදිලා තියෙනවායි කියලා. සමාවෙන්න ඕනේ. මොකද මම දන්නවා මමත් නීතිඥවරයෙක් වශයෙන් අවුරුදු 25ක් වැඩ කරා. අපි ගාස්තු අරන් තමයි ජීවත් වෙන්නේ අපි ගාස්තු ගන්න ඕනේ. මම ඒක පිළිගන්නවා. ඒ වගේම ඔබතුමා කියපු අනිත් කරුණුත් එක්ක එකඟයි. නමුත් එකම දේ මම ඒක තුළින් අදහස් කරේ උසාවි තියෙන්නේ නඩුකාරතුමන්ලාට පඩි ගන්නමයි, නීතිඥවරුන්ට හම්බ කරන්න විතරමයි කියලා නෙමෙයි. යුක්තිය ඉෂ්ට කිරීම සඳහා. නමුත් ඔබතුමා ඔය ප්‍රශ්නේ අහලා ඒක පැහැදිලි කිරීම හොඳයි. මොකද අවුරුදු 25ක් මම හම්බ කරන් කාපු තැන ඒ මගේ සහෝදර නීතිඥවරුත් එක්ක මට කිසිම පෞද්ගලික වෛරයක් තිබෙන්න විදිහක් නැහැ. මොකද මෙතනට එන්න කලින් ඔවුන් තමයි මගේ පවුල වශයෙන් හිටියේ. හැබැයි වෘත්තිය ඉස්සරහට දාගෙන දේශපාලනය කරන කට්ටියටත් අපි ඒ ලයින්ම උත්තර දෙන්න සූදානම්. මොකද අපේ වෘත්තියත් ගණිකා වෘත්තිය යොදවන නීතිඥ මහත්වරු ඉන්නවා. ඒගොල්ලන්ට අපි උත්තර දෙනවා ඒ විදිහට. නමුත් සමස්ත නීතිඥ ප්‍රජාවට මගේ තියෙන ආදරයක් මොකද මම පවුල වගේ සලකපු තැන. ඒ වගේම මම දන්නවා අපි හම්බ කරන්න ඕනේ ජීවත් වෙන්න කියලා ඒ පිළිබඳ ගැටලුවක් නැහැ. හරි.''