Published
බොරලැස්ගමුව, වේරහැර ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5 යි ග්‍රෑම් 24 ක් සහ හොරොයින් කිලෝ එකයි ග්‍රෑම් 80 ක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.
එහිදී අත්අඩංගුවට ගනු ලැබුවේ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.
සැකකරු විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වි මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



