Published
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව හෙට (නොවැම්බර් 30) දිනද සාමාන්‍ය පරිදි සියලු සේවා ඉටුකරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඔවුන් මේ බව නිවේදනය කළේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවා හෙට සිදු නොවන බවට ඇතැම් පාර්ශව විසින් පතුරුවා හරින බව කියන වැරදි තොරතුරකට ප්‍රතිචාර දක්වමින්.
හෙට දින වැඩ වර්ජනයක් කැඳවනු ලැබ තිබෙන පාර්ශවයන් මෙලෙස වැරැදි තොරතුරු පතුරුවා හරින බව නිරීක්ෂණය වී ඇතැයිද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය සඳහන්.
අදාල තොරතුරු අසත්‍ය බව අවධාරණය කරන රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මෙන්ම ප්‍රාදේශීය කාර්යාලද හෙට දිනත් සාමාන්‍ය පරිදි සියලු සේවා ඉටුකරන බව අවධාරණය කරනවා.




