චීනයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා තරඟාවලියේදී        ශ්‍රී ලංකාවට තවත් ලෝකඩ පදක්කමක් දෙනාදීමට ජිත්මා ශෙනාරි විජේතුංග සමත් වුණා.

ඇය මෙම ජයග්‍රහණය ලබා ගත්තේ මීටර් 400 කාන්තා ධාවන ඉසව්වේදී.

ඇගේ තරග නිමි කාලය තත්පර 53යි දසම 1ක්. එය ඇයගේ පෞද්ගලික හොඳම කාලය ද වනවා.

මේ අතර මෙම තරඟාවලියේ දී මීටර් 400 කඩුලු මතින් දිවීම පිරිමි ඉසව්වේ දී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දීමට අයෝමාල් පෙරේරා සමත් වුණා.

ඔහු මෙම ජයග්‍රහණය ලබා ගත්තේ ඉසව්වේ වසර 26ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාව බිඳ දමමින්.