Published
ඇත්දළ සහ ඇත් කෙදි ළඟ තබාගත් සැකකරුවෙකු බුත්තල නගරයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බුත්තල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත එහි නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදීයි.
ඒ අනුව ඇත් දළ කොටස් 11 ක්, ඇත්දළ කොටස් වලින් සකසන ලද අත්පළඳනාවක් හා ඇත් කෙඳි 29 ක් සැකකරු සන්තකයේ තිබි සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්රදේශයේ පදිංචිකරුවෙක්.




