ඉන්දියානු සාගරයේ මොරිෂස් සහ රියූනියන් කලාපයේ රික්ටර් මාපකයේ 6.5ක ප්‍රබලත්වයකින් යුත් භූ චලනයක් සිදුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

කෙසේවෙතත් ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි එම  මධ්‍යස්ථානය පැවසුවේ.