ශ්‍රී ලංකා පොලිසියේ පරිහරණය සඳහා ඉන්දු - ශ්‍රී ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ ඉන්දියානු රජය විසින් පරිත්‍යාග කරන ලද කැබ් රථ 134ක් නිල වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාර දීම අද සිදු වුණා.
ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.
ඉන්දියානු රජය මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 300ක් වන අතර, මෙම කැබ් රථ උතුරු පළාත් පොලිස් ස්ථාන වෙත භාර දීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
ඉදිරියටත් මෙවැනි ආධාර ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බව ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා එහිදී පැවසුවා.
ඉන්දියානු රජය විසින් සිදු කරන ලද මෙම පරිත්‍යාගය අගයමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ඉන්දීයානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා වෙත සමරු තිළිණයක්ද ප්‍රදානය කෙරණා.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, ඩිමෝ ආයතනයේ සාමාන්‍යාධිකාරි රජිව් පණ්ඩිතගේ යන මහත්වරුද, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙන්ම ශ්‍රී ලංකා පොලිසියේ උසස් නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළේ.













