Published
අද (01) මධ්යම රාත්රියේ සිට ඉන්ධන මිල ඉහළ දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක රුපියල් 10කින් ඉහළ දමන බවයි එම සංස්ථාව පැවසුවේ.
එම ලීටරයක නව මිල රුපියල් 424 ක්.
ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 490ක් වනවා.
සුදු ඩීසල් ලීටරයක් රුපියල් 5 කින් ඉහළ දැමෙනවා. එහි ලීටරයක නව මිල රුපියල් 397ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.
සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 15 කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 543 ක්.
කෙසේවෙතත් භූමිතෙල් මිල වෙනස් නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ.




