පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සිය පළමු තරඟයේදීම පහසු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ඒ එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායම කඩුලු නවයකින් පරාජය කරමින්.
මෙම තරඟයේ පළමුවෙන්ම පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමිර් රාජ්‍ය කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5දී සියලු දෙනා දැවී රැස් කර ගත්තේ ලකුණු 79ක් පමණයි.
සිය පළමු ජාත්‍යන්තර 20යි 20 තරඟයට සහභාගී වූ චේතනා විමුක්ති විශිෂ්ට පන්දුයැවීමක යෙදෙමින් ලකුණු 16ට කඩුලු 3ක් දවාගත්තා.
මිතාලි අයෝධ්‍යා ලකුණු 14ට කඩුලු 3යි.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩීකාවන් පන්දුවාර 7යි පන්දු 5දී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 80ක් ලබාගනිමින් තරගය ජය ගත්තා.
නායිකා චමරි අතපත්තු පන්දු 25කදී නොදැවී ලකුණු 48 යි. චමරිගේ මෙම ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් ද ඇතුළත් වුණා.
තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය ලබන බදාදා ඉන්දුනීසියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.




