කටුනායක ගුවන් තොටුපොලේ දෛනික කටයුතු අද දිනයේ සාමාන්‍ය පරිදි සිදුවනවා.
එහෙත් ගුවන් තොටුපොල අවට ඇතැම් මාර්ග තවදුරටත් ජලයෙන් යට වී තිබෙනවා.
ඒ අනුව ගුවන් තොටුපොල වෙත පැමිණෙන ජනතාවට පැය 4 කට පෙර පැමිණෙන ලෙසට බලධාරීන් දැනුම් දෙනවා.
ඒ පිළිබද නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු ටී කේ ජී කපිල ගෙන එන වාර්තාවක් පහතින්.
මේ අතර යටියන්තොට, රුවන්වැල්ල, බුල්කොහුපිටිය, දෙහිඕවිට, අවිස්සාවේල්ල සහ අවට ප්‍රදේශ ආශ්‍රිතව ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ වැසි තත්ත්වයේ අඩුවක් පවතින බව නෙත් නිවුස් වාර්තාකරු නිහාල්සිරි ගම්ලත් පැවසුවා. එමෙන්ම හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගය සහ අවිස්සාවේල්ල - කෑගල්ල මාර්ගයේ රිය ධාවනයේදී වඩාත් සැලකිලිමත් වන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.
පුත්තලම දිස්ත්‍රික්කයේ ද කාලගුණ තත්ත්වය ඊයේ දිනයට සාපේක්ෂව යහපත් බව නෙත් නිවුස් වාර්තාකරු ජූඩ් සමන්ත පැවසුවා. කෙසේවෙතත් හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගය මාදම්පේ ප්‍රදේශයෙන් තවදුරටත් ජලයෙන් යටවී පවතිනවා.




