කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් පැය 04 කට පමණ පෙර පැමිණෙන ලෙස ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසුවේ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හැකිතාක් භාවිතා කරමින් ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙසයි.

ඒ,කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශය මේ වනවිට ගංවතුර ආපදා තත්වයකට මුහුණ පාමින් ඇති බැවින්.

ඒ අනුව ගුවන් තොටුපොළ වෙත පිවිසෙන මාර්ග බොහොමයක් ජලයෙන් යටවෙමින් පවතින බව ද වාර්තා වුණා.

කටුනායක ගුවන් තොටුපොළ නයිකන්ද ප්‍රදේශය ගංවතුරින් යට වී ඇති අතර , කෝවින්න ප්‍රදේශය ද ගංවතුර ආපදා තත්වයට ලක් වී තිබෙනවා.

ඒ අනුව විකල්ප මාර්ග භාවිත නොකර ප්‍රධන අධිවේගී මාර්ගය භාවිතා කරන ලෙස ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් දැනුම් දෙනවා.