Published
කදාන දුම්රිය ස්ථානයට ආසන්නයේ පිහිටි හරස් මාර්ගයකදී ත්රීරෝද රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අලුයම 4.50ට හලාවත සිට පානදුර බලා ධාවනය වූ මුතුකුමාරී සීඝ්රගාමී දුම්රියෙහි එම ත්රිරෝද රථය ගැටී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
මේ අතර මලේගොඩ - දොඩංගොඩ මාර්ගයේ පහල අංගොඩ හන්දිය අසල සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරුපැදියක් ඉදිරියෙන් ගමන්කල පාපැදියක ගැටී එම අනතුර සිදුව ඇති බවත් යතුරු පැදිකරු එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පයාගල පොලීසිය පැවසුවා.



