Published
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය පිළිබඳව කොල්ලුපිටිය පොලිසිය විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
මෙම සැකකටයුතු මරණය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේ.
ඒ අනුව ස්ථානීය පරීක්ෂණය සඳහා මහේස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට පැමිණි බවයි එම ස්ථානයේ රැදී සිටින නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ පැවසුවේ.
කොල්ලුපිටිය, පේදිරිස් පටුමගේ පිහිටි නිවසක තිබී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර අද පෙරවරුවේ සොයා ගැණුනා.
එම සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් යටතේ විමර්ශන ක්‍රියාත්මකයි.
ඒ සදහා පොලිස් සුනඛයන් ද එම ස්ථානයට කැදවා ඇති බවයි නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ වැඩිදුරටත් පැවසුවේ.




