Published
පකිස්ථාන කණ්ඩායමට එරෙහිව සිය මංගල එක් දින ශතකය වාර්තා කිරීමට කමිදු මෙන්ඩිස් අද සමත් වුණා. ඒ,
පකිස්ථානයේ දැන් පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදීයි.
කමිදු මීට නොබෝ වේලාවකට පෙර රැස් කරගෙන සිටි ලකුණු සංඛ්යාව 112ක්.
එමෙන්ම ඔහු සමග අනිත් අන්තයේ පන්දුවට පහර දෙන පවන් රත්නායක මීට නොබෝ වේලාවකට පෙර අර්ධ ශතකයක් වාර්තා කළා.
ඒ අනුව ශ්රී ලංකා ලකුණු පුවරුව මීට නොබෝ වේලාවකට පෙර දැක්වුණේ පන්දුවාර 38ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 226ක් ලෙසයි.
අවිශ්ක ප්රනාන්දු ලකුණු 38කත්, නායක කුසල් මෙන්ඩිස් ලකුණු 8කටත් දැවී ගියා.



