කළුතර අවට ප්‍රදේශ කිහිපයකට සහ ගාල්ල මහ නගර සභා බලප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අද (10) දිනය තුළ ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කළුතර, වාද්දුව, මතුගම, බේරුවල, අළුත්ගම, පයාගල යන ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ අද පෙරවරු 8.30 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක් කාලයක්.
කෙත්හේන ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය අත්හිටුවීම හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටු වනවා.
මේ අතර ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය සඳහා අද දිනයේදී පැය 14ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පැවසුවා.
වක්වැල්ල ජල පවිත්‍රාගාරය ආශ්‍රිතව සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ඊට හේතුවයි.
ඒ අනුව අද පෙරවරු 9.00 සිට රාත්‍රි 11.00 දක්වා පැය 14ක කාලයක් ගාල්ල මහ නගර සභා බලප්‍රදේශයට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය වැඩ්දුරටත් පැවසුවේ.




