පකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්ථාන කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීම සදහා ශ්‍රී ලංකාවට අවස්ථාව ලබාදුන්නා.

කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන මෙම තරගය ලාහෝර් හිදී පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතයි.

මෙවර තරගාවලියේ පකිස්ථානය හා ශ්‍රී ලංකාව අවස්ථා දෙකකදී මුණ ගැසුණා.

එහිදී එක් අවස්ථාව බැගින් දෙපිලම ජය ගත්තා.

එබැවින් අද තරගය දෙපිළටම අතිශය තීරණාත්මක වනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.