කුරුවිට බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුතාවයෙන් තුවාල ලැබූ සිව් දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

එම බන්ධනාගාරයේ හටගත් නොසන්සුකාරී තත්ත්වය පාලනය කිරීම සදහා කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළ බවයි එහි සිටින නෙත් නිවුස් නියෝජිතයන් පැවසුවේ.

මේ අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග කුරුවිට බන්ධනාගාරයට පිවිසෙන මාර්ගය මේ වනවිට වසා දමා තිබෙනවා.

එහි සිටින නෙත් නිවුස් නියෝජිතයින් පැවසුවේ එම බන්ධනාගාරයේ පිටත ආරක්‍ෂාව සදහා පොලිස් කණ්ඩායම්, පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම යුද හමුදා කණ්ඩායම් ද යොදවා ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් මේ වනවිට කුරුවිට බන්ධනාගාරය වෙත පිටත්ව ගොස් තිබෙනවා.