Published
කුරුවිට බන්ධනාගාරයේ හටගත් ගැටුම මේ වනවිට පාලනය කර තිබෙනවා.
ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
එහිදි තුවාල ලැබූ තවත් පුද්ගලයන් 11 දෙනෙකු රත්නපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එම බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තවදුරටත් තර කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඒ අනුව පොලිස් කණ්ඩායම්, පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම යුද හමුදා සාමාජිකයන්ද කුරුවිට බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සදහා යොදවා සිටිනවා.
මේ අතර කුරුවිට බන්ධනාගාරයේ ඇති වු සිද්ධිය පිළිබද සොයා බැලීමට සහ ගත යුතු ඉදිරි පියවර පිළිබද සාකච්ඡා කිරිමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් එම බන්ධනාගාරය වෙත පිටත්ව ගොස් තිබෙනවා.


