Published
ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග කුරුවිට බන්ධනාගාරයට පිවිසෙන මාර්ගය මේ වනවිට වසා දමා තිබෙනවා.
එහි සිටින නෙත් නිවුස් නියෝජිතයින් පැවසුවේ ආරක්‍ෂාව සදහා පොලිස්, පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම යුද හමුදා නිලධාරීන් ද එම ප්‍රදේශයේ ආරක්‍ෂාව සදහා යොදවා ඇති බවයි.
කුරුවිට බන්ධනාගාරයේ පළමුව උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණේ ඊයේ රාත්‍රියේයි.
එය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් ඊයේ රාත්‍රියේම සමත් වුණා.
කෙසේවෙතත් අද උදෑසන යළිත් කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් හටගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
එය පාලනය කිරීම සදහා කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කර තිබෙනවා.
මේ වනවිට කුරුවිට බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය යම් මට්ටමකට පාලන කර ඇති බවද නෙත් නිවුස් නියෝජිතයින් පැවසුවා.


