හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

​විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමෙන් අනතුරුවයි හිටපු අමාත්‍යවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

​ජාතික රූපවාහිනී සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩල සීමාව ඉක්මවමින් සේවකයින් 06 දෙනෙකු නීතිවිරෝධී ලෙස බඳවා ගැනීම හරහා රජයට පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

​සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන පවත්වනවා.