ගල්කිස්ස, ටෙම්ප්ලස් පාර ප්‍රදේශයේ ඊයේ රාත්‍රී කෙරුණු වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යාර්ථ වී ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා මෙම වෙඩි තැබීමේ උත්සාහය ව්‍යාර්ථ වී ඇති බවයි මාධ්‍ය වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වෙන්නේ.

කෙසේ වෙතත් නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියා සිටියේ ගල්කිස්ස ටෙම්ප්ලස් පාර ප්‍රදේශයේ ඊයේ රාත්‍රී කිසියම් ගැටුමක් ඇති වී ඇති නමුත් එහිදී වෙඩි තැබීමේ උත්සාහයක් සිදු වූයේදැයි තවමත් තහවුරු කළ නොහැකි බවයි.

ගැටුමේදී සිදු වූ පහර දීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කර තිබෙනවා.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ පහරදීම සිදුකළ අය අත ගිනි අවියක් ද තිබූ බවයි.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවද ප්‍රකාශ කෙරුණා.