වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා ග්‍රාම නිලධාරින් ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මකයි.

ඒ අනුව අද දිනයේද කිසිදු ග්‍රාම නිලධාරි කාර්යාලයක රාජකාරී සිදුනොවන බවයි ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පැවසුවේ.

ග්‍රාම නිලධාරීන් සඳහා වෙන්කර ඇති රුපියල් 600 ක ගමන් වියදම් දීමනාව වසර 08කින් ඉහළ නොදැමීම ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට ප්‍රධාන හේතුව වනවා.

ග්‍රාම නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ ඊයේ දිනයේදීයි.