Published
මාවනැල්ල, කිරිගල හන්දිය ප්රදේශයේ සිදුකළ වැටලීමකදී ගිනි අවි දෙකක් සහ උණ්ඩ රැසක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
එහිදි සැකකරු සන්තකයේ තිබි පිස්තෝල අවි 02 ක්, මැගසින් 05 ක්, ඊයම් බෝල 156 ක් හා බෝර 12 ගිනි අවි සඳහා භාවිතා කරන උණ්ඩ 20 ක් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මුරුතවල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.




