හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට අභියාචනාධිකරණයට පැමිණ සිටිනවා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් විභාගය දැක බලා ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා එලෙස අධිකරණයට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර 2022 වසරේ අරගලය පැවති සමයේ සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර නමැති තරුණයකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් එවක බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ උතුර විශේෂ විමර්ශන ඒකකයේ එවක ස්ථානාධිපති නලින් ශ්‍රියන්ත යන අය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා.
අනුරුද්ධ බණ්ඩාර නමැති තරුණයා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.




