Published
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරයා තවදුරටත් ලබන 10 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්රත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.




