පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර මිනිස් ඝාතන සිදුකිරීම, බරපතල තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
දීර්ඝ සාක්ෂි සටහන් කර ගැනීමකින් අනතුරුව විත්තිකරුවන්ගේ විත්තිවාචක ද අධිකරණය විසින් සටහන් කරගනු ලැබුවා.
ඉන් අනතුරුව තීන්දුව අද දින ප්‍රකාශයට පත්කරන බව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේ පසුගිය අගෝස්තු මස 24 වනදායි.
මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23,270 ක් යටතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව නීතිපතිවරයා විසින් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් විසි හතර දෙනාට එරෙහිව 2021 වසරේ දී මෙම නඩුව ගොනුකර තිබුණා.
මෙම විත්තිකරුවන් සියලු දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.




