ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ ඉදිකර තිබූ තාවකාලික අට්ටාල ඉවත් කිරීමට විරෝධතාවයේ නිතර පිරිස් කටයුතු කර තිබෙනවා.

ඒ, අධිකරණය ලබාදුන් නියෝගයට ගරු කරමින්.

අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවීමට ඉඩ නොදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දුන් අතර එම අධිකරණ නියෝගය ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත භික්ෂුන් වහන්සේලාට කියවා භාර දීමටද පොලිසිය පියවර ගත්තා.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ සිවුරට යුක්තිය - නිදහසේ පාද යාත්‍රාවට එක්වූ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් ඊයේ දින සිට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැදි සිටියා.