රුසියාවේ මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර තේ දිනය
රුසියාවේ මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර තේ දිනය මෙවරත් විශේෂ උත්සවයක් ලෙස සමරා තිබෙනවා.
“තේ කර්මාන්තය රැකගෙන ප්‍රජාවන්ට සහාය වීම” යන තේමාව යටතේ පැවති මෙම වැඩසටහනේදී, සිලෝන් තේ වල ගුණාත්මකභාවය සහ ශ්‍රී ලංකා තේ උරුමය ලෝකයට හඳුන්වා දීම විශේෂත්වයක් වුණා.
ශ්‍රී ලංකා තානාපති ශෝබිනී ගුණසේකර මහත්මිය ප්‍රකාශ කළේ, තේ යනු ලොව ජනප්‍රිය පානයක් පමණක් නොව, ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපාය මාර්ගයක් බවයි.
මෙම අවස්ථාවේදී රුසියානු තේ විශේෂඥයින් විසින් සිලෝන් තේ වර්ග පිළිබඳ සජීවී දැනුවත් කිරීම්ද සිදුකර තිබෙනවා.
එහිදී උඩරට, රුහුණ, නුවරඑළිය ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රදේශීය තේ වර්ගවල රස, සුවඳ සහ වර්ණවල වෙනස්කම් පිළිබඳවද පැහැදිලි කර තිබුණා.
උත්සවයට රුසියාවේ රාජ්‍ය නිලධාරීන්, විදේශ තානාපතිවරුන්, හෝටල් සහ ආපනශාලා හිමියන්, තේ ආනයනකරුවන් සහ ව්‍යාපාරිකයින් රැසක් එක්ව තිබෙනවා.
රුසියාව මේ වනවිට සිලෝන් තේ සඳහා ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම වෙළඳපොළ ලෙස සැලකෙනවා.




