Published
මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 76,000 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව රෝගීන් 76,044 ක් වාර්තා වන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 162ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා.
පසුගිය මාස කිහිපය තුළ රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන අතර මැයි මාසයේදී රෝගීන් 8,590ක් ද ජූනි මාසයේදී රෝගීන් 21,537ක් සහ ජූලි මාසයේ ගතවූ දින 19 තුළ පමණක් රෝගීන් 20,666 ක් වාර්තා වනවා.
එවන් පසුබිමක් තුළ සිය පරිශ්‍ර පිරිසිදුව තබා ගැනීමට මහජනතාව වෙනදාටත් වඩා අවධානය යොමු කර කටයුතු කළ යුතු බවයි එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවික්‍රම මහත්මිය පැවසුවේ.




