වලංගු වීසා බලපත්‍ර නොමැතිව තලල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළ රැදී සිටි විදෙස් ජාතිකයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගන්දර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

අත්අඩංගුවට ගත් පිරිස අතර විදෙස් ජාතික කාන්තාවක්ද වන බවයි පොලීසිය පැවසුවේ.

එම විදේශිකයන් පිරිස තායිවාන් සහ චීන ජාතිකයන් වනවා.

ඔවුන් මෙරට තුළ රැදී සිටිමින් නීති විරෝධී ලෙස මූල්‍ය වංචාවන් සහ ව්‍යාපාර සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුවන් සන්තකයේ තිබී දුම්වැටි තොගයක් ද සොයාගෙන තිබෙනවා.

එම විදෙස් ජාතිකයන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලීසිය පැවසුවේ.