Published
තලවතුගොඩ හන්දිය ආසන්නයේ අවන්හලක හටගත් ගින්නෙන් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයින් තිදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම අවන්හලේ පෙරවරුවේ හටගත් ගින්න මැඩ පැවැත්වීම සදහා ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවට අයත් ගිනි නිවීමේ රථ 03ක් යොදවා තිබුණා.
ගෑස් කාන්දුවක් හේතුවෙන් එම අවන්හලේ ගින්න හටගන්නට ඇති බවටයි පොලීසිය සැකපළ කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.



